ආණ්ඩුවේ කඹ ඇදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් – ජී. එල්. පීරිස්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කර ඇත්තේ පොලිස්පතිවරයා විශ්‍රාම යනවිට නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජයට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවයි.

රජය විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු දෙවතාවක්ම ලබාදීම විකෘතියක් බවත් එම තනතුරට නිලධාරියකු පත් කිරීම සඳහා රජය දෙපැත්තකට වී කඹ ඇදීම ජාතික ආරක්ෂාවට ද විශාල තර්ජනයක් වී ඇති බවත් ඒ මහතා සදහන්කර තිබේ.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ ඉතා ඉක්මනින් නව පොලිස්පතිවරයකු පත් කළ යුතු බවත් එයට සහාභාගි වීමට ව්‍යවස්ථා කවුන්සිලයට සෘජු වගකීමක් ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කොට සිටියේ  නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

Exit mobile version