සෞඛ්‍ය වර්ජනය අදින් අවසන්.

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණි.

එවැනි පසුබිමක රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි.

Exit mobile version