සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට විකිණීමට ඉල්ලු සැමියාව ඔහුගේ බිරිඳ විසින්ම ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, වැල්ලව පොලිස් වසමේ , බලගහගම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් නිරන්තරයෙන් බිරිඳ සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බවට පොලීසිය පවසයි.
ඊයේ (03) දිනයේද මොහු දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර ඉවසාගත නොහැකි වූ බිරිඳ සැමියාගේ දෑස්වලට මිරිස් කුඩු ගසා , කඩුවකින් පහර දී ඝාතනය කර ඇත.
මේ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් කම්කරුවෙකු ලෙස සේවය කළ අයෙකු බවට වාර්තා වේ.