එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගැනීමෙන් අනතුරුව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති බව වාර්තා වේ.
ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ කණ්ඩායම් පහතින්,
ක්වින්ටන් ඩි කොක් (කඩුළු රකින්නා) (දකුණු අප්‍රිකා) – ලකුණු 594යි
රෝහිත් ශර්මා (නායක) (ඉන්දියා) – ලකුණු 597යි
විරාට් කෝලි (ඉන්දියා) – ලකුණු 765යි
ඩැරල් මිචෙල් (නවසීලන්ත) – ලකුණු 552යි
කේ.එල්. රාහුල් (ඉන්දියා) – ලකුණු 452යි
ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියා) – ලකුණු 400යි
රවින්ද්‍ර ජඩේජා (ඉන්දියා) – ලකුණු 120ක් සහ කඩුළු 16යි
ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියා) – කඩුළු 20යි
ඩිල්ෂාන් මධුසංඛ (ශ්‍රී ලංකා) – කඩුළු 21යි
ඇඩම් සම්පා (ඕස්ට්‍රේලියා) – කඩුළු 23යි
මොහොමඩ් ෂාමි (ඉන්දියා) – කඩුළු 24යි