රට විනාශ කරන බලපත්‍රය මහින්දට දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි – තිස්ස අත්තනායක කියයි.

රටක් විනාශ වීමට මූලික වශයෙන් බලපාන්නේ එම රටේ පාලකයන්ගෙ නොමනා ක්‍රියාකලාපයයි.රටක ප්‍රධාන වශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය හැකි ස්වාධීන නායකයෙක් නොමැති නම් එම රට අගාධයට පත්වන බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

තිස්ස අත්තනායක මහතා සදහන් කරන්නේ ඡන්දය නොතකා කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා නොයෙක් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙලෙස ජන්දය කල් දමන පුද්ගලයන් සදහා වසර තුනක සිර දඩුවමක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පනවා තිබේ.

එමෙන්ම 88 – 89 භීෂණ සමයේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහින්ද මහතා එම සිදුවීම හරහාම රජයේ මුදල් කෝටි 6000 ක මුදලක් කාබාෂණය කල බවද ඔහු සදහන් කර තිබේ.

එමෙන්ම මෙරට වැඩිම හොරකම් ප්‍රමාණයක් වූ බවට වාර්තා වන්නේ 2005 -2015 අතර මහින්ද රාජපක්ෂගේ කාලය තුල බව සදහන් කර තිබේ. එමෙන්ම රනිල් සහ මහින්ද අතර පරතරය එක්ලක්ෂ අසූ දාහක් බවත් ජ.වි.පෙ. මහින්ද කරේ තියාගෙන ගොස් ඔවුන්ගේ ජන්ද ලක්ෂ දෙක හමාරක් පමණ ලබා දුන්නේ නැතිනම් මහින්ද රාජපක්ෂ ජනපති නොවන බවත් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී තිස්ස අත්තනායක මහතා සදහන් කරන්නේ ජ.වි.පෙ. විසින් මහින්ද රාජපක්ෂ ජනපති කල බව පසුකලෙක පිළිගත්තා සේම රට විනාශ කරන බලපත්‍රය අරන් දුන්නේද ඔවුන්ම බව පිළිගත යුතු බවයි.

Exit mobile version