ජපන් යානය නැවත අවදි වෙයි.

ජපානයේ අහ්‍යවකාෂන ඒජන්සිය විසින් විදුලි සැපයුමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව පවසයි.


ජපානයේ අහ්‍යවකාෂන ඒජන්සිය විසින් නිවේදනය කර ඇත්තේ ඊයේ එනම් 2024/01/28 දින රාත්‍රියේ සිට නැවත සන්නිවේදන සබඳතාවක් ඇති වූ බවයි.


යානයේ පවතින සූර්ය කෝෂ නැවත ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව සඳහන්.


මින් පෙරදී යානයේ සූර්කෝෂයන් සූර්ය එළියට යොමු නොවීම මත යානයෙහි විදුලි සැපයුමට බාධාවක් ඇති වූ බවට තොරතුරු ලැබී ඇත.


එම යානය ජනවාරි 20 වෙනිදින සඳමත ගොඩබා තිබූ අතර ඒ සමගම සඳමතට යානයක් යැවූ 5 වෙනි රට බවට ජපානයය පත්ව තිබේ.


මින් පෙර ඇමරිකාව , රුසියාව , සෝවියට් රුසියාව ,චීනය සහ ඉන්දියාව සඳමතට යානයක් ගොඩ බැසීමට සමත් වි තිබේ..

Exit mobile version