වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදීමෙන් යෝධ උකුස්සෙකු මියගොස් සිටියදී හමු තිබෙන බවට වාර්තා වේ.
උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස් තිබියදී හමු වූ බැවින් උකුස්සා නාගයා ඩැහැ ගැනීමෙන් පසු ආහාරයට ගැනීම සදහා ට්‍රාන්ස්ෆෝමරයේ වැසීමෙන් උකුස්සාට විදුලි සැර වැදී ඇති බවට සැක කරන බවට විදුලි කාර්මික නිලධාරියෙකු සදහන් කර තිබේ.
මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4කටත් වඩා විශාල බවද මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවටද ප්‍රදේශවාසීහූ ප්‍රකාශ කර තිබේ.