සිද්ධස්ථානවල යම් සිදුවීම් සමාජගත කරන්නන්ට නීතිය දැඩි වේ.

විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැළඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරීම හෝ එවැනි සිදුවීම් මාධ්‍යට මුදා හරින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවට බුද්ධ ශාසන ,ආගමික,සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කඩුවෙල නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇතිවූ සිදු වීමේදී භික්ෂූවට සහ කාන්තාවන් දෙදෙනාට පහර දීම වැරදි සහගත බවත් එවැනි සිදුවීම් සමාජ මාධ්‍යට මුදා හැරීමේදී සැලකිලිමත් විය යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

තවද එම සිදුවීමට අදාල හිමිනම පිළිබඳව මහා නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත් එයට බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් නොවන බවද පවසා තිබේ.

Exit mobile version