මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම පහළට .

මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක ඇත්තේ 3% ක දරුවන් පිරිසකගේ පමණක් බව සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ .

covid 19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු අධ්‍යාපනය ලබාදීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට 4 සහ 5 ශ්‍රේණිවල දරුවන්ගේ සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක නොමැති බව සඳහන් .

තවද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ප්‍රකාශ කළේ ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ ද කියවීමේ සහ ලියවීමේ මට්ටම බලා ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම පිණිස වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවයි.

Exit mobile version