පිංවත්ත පොලීසිය විසින් සදහන් කොට ඇත්තේ ප්‍රේම සම්බන්දයක් පවත්වා විවාහයට පිටුපෑ තරුණයකු තරුණිය විසින් පැහැරගෙන යාමේ පුවතක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
අදාළ තරුණිය තවත් කණ්ඩායමක් එක්ව ත්‍රීරෝද රථයකින් පැමිණ පිංවත්ත ප්‍රදේශයේදී තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදා හැර ඇති බව පොලිසිය පවසයි.
එම පැහර ගැනීමට සම්බන්ද යැයි සැකකරන තරුණිය ආරක්ෂක අංශයකට අනියුක්තව සේවය කරන බවත් තරුණයා පැහැර ගැනීමට ඇය හා පැමිණි අනෙකුත් පිරිස සොයා පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් පොලිසිය සදහන් කොට ඇත.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පින්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර එම තරුණයා සහ ඔහුගේ මව විසින් මෙම පැමිණිල්ල සිදු කොට ඇති බව පින්වත්ත පොලීසිය සදහන් කරයි.
සැකකාර තරුණිය හා තරුණයා පෙම්වතුන්ව සිට ඇති බවත්, විවාහ කර ගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවත් පොලිසිය පවසා තිබේ.