රජයට රුපියල් කෝටි තුනක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස් යන්ත්රාගාරය සහ ශීතාගාරය පවත්වාගෙන යාම සහ නව අයිස් යන්ත්රාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය 2019 පෙබරවාරි 01 වැනිදා සිට දස වසරක කාලයකට පුද්ගලික සමාගමක් මිළදී ගෙන තිබුණි.
මේ සදහා මිළ ගණන් කැදවීම් 2019 වසරේ වසරේ ජනවාරි 15 වැනිදා තෙක් සිදුව ඇති අතර මාසිකව රුපියල් අටලක්ෂ තිස්පන්දහසක ලන්සුවකට පුද්ගලික සමාගමක් විසින් ටෙන්ඩරය මිළදීගෙන ඇත.ඒ 2019 පෙබරවාරි 01 වැනිදා සිට 2029 ජනවාරි 31 වැනිදා දක්වා දස වසරක කාලයකටය.
මෙම සමාගම 2019 සැප්තැම්බර් 10 වැනිදා ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුට ලිපියක් යවමින් ටෙන්ඩරය මිළදී ගත් ලංසු මුදල ගෙවීමට නොහැකි බව දන්වමින් නව යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.
අයිස් යන්ත්රාගාරය ඉදිකිරිම සහ පවත්වාගෙන යාම අසීරු කටයුත්තක් බැවින් මාසිකව රුපියල් ලක්ෂ දෙකක ලන්සුවකට වසර පහක කාලයක් සදහා මෙය පවත්වාගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් තම සමාගමට මසකට අයිස් කියුබ් ටොන් 25ක් පමණ අලෙවි කිරීමට හැකි තත්ත්වයක් පැවතිහොත් දසවසරක ගිවිසුම් කාලයට යටත්ව මාසිකව රුපියල් හයලක්ෂ තිස්පන්දහසක ලන්සු මුදලක් ගෙවන බවත්, මාසිකව අයිස් ටොන් 10ක් අලෙවි වන්නේ නම් රුපියල් ලක්ෂ හතරක මාසික ලන්සුවක් ලබා දීමටත් එම සමාගම යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ධිවර අමාත්‍යංශය මෙම සමාගමට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ලන්සුවකට යටත්ව වසර පහක කාලයක් සදහා මෙය පවත්වාගෙන යාමට අවසර දී ඇත.ඒ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගේද සහාය මතය.
නමුත් මෙය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිභාහිරව සිදු කර ඇති අනීතික ක්‍රියාවක් බවට ධිවර අමාත්‍යංශයට චෝදනා රැසක් එල්ල වී තිබේ.
මාසිකව රුපියල් අටලක්ෂ තිස්පන්දහසක ලංසුවකට ටෙන්ඩරය මිලදී ගත් සමාගම මාස 7ක කාලයක් ලංසු ලෙස රුපියල් පනස්අට ලක්ෂ හතලිස් පන්දහසක ගෙවීමක් සිදු කර තිබේ.
2019 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙම පුද්ගලික සමාගම ගෙවිය යුතු ලංසු වාරික ගන්න 48කි.
නමුත් ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව රුපියල් අටලක්ෂ තිස්පන්දහස බැගින් එම වාරික ගෙවා ඇත්නම් රජයට හිමි වන ආදායම රුපියල් හාරකෝටි අසුදහසකි.
නමුත් එම සමාගම රුපියල් ලක්ෂ දෙකක ලංසුවක් මාස 48ක් පුරාම ගෙවීමෙන් රජයට අහිමි වී ගිය ආදායම රුපියල් තුන්කෝටි හාරලක්ෂ අසුදහසකි.