වැඩ තහනමට ලක්වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත බව වාර්තා වේ .
වෛද්‍ය රුහුල් හක් වැඩ තහනමකට ලක්ව සිටින පසුබිමක ඔහු විසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ද සිදුකර තිබුණි.