ලෝක සංචාරක රූ රැජිණ තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාව නැරඹීමට ඊයේ (24) දින එක්ව සිටි බව වාර්තා වේ.
ශ්රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිණියෝ එම කණ්ඩායමට ඇතුළත් ව සිටිති.
ශ්රී ලංකා ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ආගමික සහ සංස්කෘතිකමය වශයෙන්ද ඔවුන් ඉතා ඉහළ මට්ටමක සිටින බවත් එහිදී එම තරඟකාරිනියන් පවසා තිබේ.