කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් තම හත් හැවිරිදි දරුවා ලවා දුරකථන සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
පොලිසිය සදහන් කරන්නේ මෙම දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ජංගම දුරකථන රැගෙන එන ලෙසට මව පවසා ඇති බවත් එසේ නොමැතිනම් තමාට පහර පිට පහර ලබා දෙන බවත්ය.
රැගෙන එන ජංගම දුරකථන තම මව විසින් පියාට දෙන බවද දරුවා පවසා ඇත.
නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවෙකුගේ මවගේ අතේ තිබු රුපියල් 40,000 පමණ වටිනා දුරකථනයක් රැගෙන පලාගොස් ඇති බවට ද පැමිණිලි ලැබී තිබේ.
මේ හේතුවෙන් සැකකාර මව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්.