යතුරුපැදිය ගහේ වැදී කොස්තාපල් මරුට.

කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ඒරුවන් ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී සිඳු වූ අනතුරින් යතුරුපැදිය ධාවනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසනයේ පැමිණි පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා නෙල්ලිඅඩි පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකි.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යතුරුපැදියේ ටයරයක හුලං යාමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසේ වැදී මෙම අනතුර සිඳු වන්නට ඇතැයි පොලීසිය සැක පල කරන බව සඳහන්.

Exit mobile version