යතුරුපැදිකරු ලොරියට යට වෙලා.

කහතුඩුව ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දෙහිවල ශාඛාවේ සේවකයෙකු වු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා හෝමාගම දෙස සිට කහතුඩුව ප්‍රදේශයට යතුරුපැදිය ධාවනය කිරීමේදී ඉදිරියෙන් එම දිසාවට ගමන් ගත් ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගය මැද තිබෙන සුදු කඩ ඉර මත දී ලිස්සා යාමෙන් යතුරු පැදිය පෙරළී ලොරි රථයේ පිටුපස රෝදයට යටවී මෙම අනතුර සිදු වී ඇති බවට පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු හෝමාගම මූලික  රෝහලට ඇතුළත් කිරීමත් සමඟම මියගොස් තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

Exit mobile version