හපුතලේ යහලබැද්ද පල්ලෙකුඹුර පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිමඩුහින්න යහලබැද්ද ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.
ඊයේ රාත්රියේ නිවසින් පිටවගොස් ඇති මෙම පුද්ගලයා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ කළ සොයා බැලීමකදී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයාට අයත් ජංගම දුරකථනය, කුඩය සහ පාවහන් වෙනත් ස්ථානයක තිබී සොයාගත් බවයි.
මියගිය පුද්ගලයාගේ හිස පසුපස තුවාලයක් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
දේහය දියතලාව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතව තිබේ.
දියතලාව පොලීසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.