අගෝස්තු මාසය තුළදී පමණක් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ප්රමාණය කිලෝග්රෑම් 6000 ඉක්මවන බවට නාවික හමුදාව ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී බීඩි කොළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ සැකකරුවන් නවදෙනෙකු සහ ඩිංගි යාත්රා තුනක්ද අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
එම නිලධාරින් වැඩිදුරටත් පවසන්නේ මෙලෙස නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ බීඩි කොළ තොගය මගින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 37කට අධික වෙතැයි තමා විශ්වාස කරන බවයි.