ජූලි මස 1 වැනිදා සිට සිට බලාත්මක වන පරිදි නව විදුලි ගාස්තු ජූනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම පිණිස ජූනි 1 වැනිදා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවත් ගාස්තු සංශෝධනයේදී සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දිය යුතු බවත් ජනක රත්නායක මහතා ප්‍රකාශ කළ බව සදහන්.