මීළඟ ට්විටර් ප්‍රධාන විධායක නිලධාරියා තෝරා ගැනේ.

ට්විටර් හිමිකාරීත්වය දරණ ඉලෝන් මස්ක් විසින් මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් එන්.බී.සී.යූ. නාලිකාවේ ලින්ඩා යකුරිනෝ තෝරා පත් කරගෙන තිබෙන අතර ඉලෝන් මස්ක්ගේ සුබාශිංසන ද ඇයට එක් කර ඇති බව වාර්තා වේ.

ඉලෝන් මස්ක් විසින් නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සෙවීම අවසන් කළ බව ප්‍රකාශ කර දිනකට පසුව ලින්ඩා යකුරිනෝ නව විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් තෝරා පත් කර ගත් බව අද (13) උදෑසන ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දුන් බව සඳහන්.

එමෙන්ම මූලික වශයෙන් ව්‍යාපාරික මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන බවත් ,  නිෂ්පාදන සැලසුම් සහ නව තාක්ෂණය කෙරෙහි වඩාත් අවධානය යොමු කරන බවත් ඉලෝන් මස්ක්ගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් බව වාර්තා වේ.

ලින්ඩා යකුරිනෝ 1985 වර්ෂයේ දී පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන තිබෙන අතර ඇය ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කිරීමට පෙර වසර 30ක් පමණ මාධ්‍ය ප්‍රචාරණ කටයුතුවල නිරත වී තිබේ.තවද බිලියන 100කට වඩා වැඩි වෙළඳ ප්‍රචාරණ අලෙවියක් උපයා තිබෙන බවත් සඳහන් වේ.

Exit mobile version