රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පුත්තලම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ ආපදාවට පත්ව ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,199 ක පුද්ගලයන් 4,299 ක් ආපදාවට පත්වීම දිස්ත්‍රික්කයකින් මෙතෙක් වාර්තා වූ වැඩිම ආපදාවට ලක්වූ සංඛ්‍යාව වේ.
මෙම අනතුරුවලින් නිවාස 122 කට අර්ධ හානි සිදු වී ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.