මෙරට නිල විදෙස් සංචිත ශක්තිමත් වෙයි.

2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව IMF වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ .

එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරන අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන බවයි.

ඒ අනුව 2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි ද අපේක්ෂා කරන බව වාර්තා වේ .

Exit mobile version