ජය බහාලු හා නැගෙනහිර බහාලු පර්යන්තයන්ගේ බහාලු මෙහෙයුම්වල කාර්යක්ෂමතාවය ඉහළ යාම නිසා වරාය අධිකාරියේ මෙහෙයුම් ධාරිතාවය 2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජය බහාලු පර්යන්තයේ හා නැගෙනහිර බහාලු පර්යන්තයේ බහාලු මෙහෙයුම්වල වර්ධනයක් පසුගිය වසරේ (2023)දි පෙන්නුම් කර ඇති බවට ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ඒ අනුව 2023 වසරේ දි මෙම පර්යන්ත දෙක බහාලුම් දහනව ලක්ෂ හැටපන්දහස් හාරසිය විසි අටක් ( 1,965, 128) මෙහෙයවා 2%ක වර්ධනයක් අත් කරගෙන ඇත .
2022 වසරේ බහාලු මෙහෙයුම්වල පහළ යාමක් ප්රතිශතාත්මකව දක්නට ලැබුණද ලෝක වෙළෙදපොළේ ආනයන අපනයන තත්ත්වය හා ලංකාවේ ආර්ථිකය ක්රමිකව ප්රකෘතිමත් වෙමින් යථා තත්ත්වයට පත්විම හේතුවෙන් බහාලු මෙහෙයුම්වල වර්ධනයක් දක්නට ලැබෙන බවට ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම පසුගිය වසරේදී බහාලු මෙහෙයුම් මගින් 1.17%ක වර්ධනයක් කොළඹ වරාය අත්පත්කරගෙන තිබේ.