තරුෂිලා දහස් ගණනක් හදන ක්‍රමය විපක්ෂ නායක කියයි.

ක්‍රිකට් ආයතනය දූෂණ වංචා මගින් නැති කළ මුදල් එකතු කරගතහොත් තරුෂිලා දහස් ගණනකට කෝටි ගණනින් මුදල් ලබාදී සමෘද්ධිමත් කළ හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12 ) පාර්ලිමේන්තුවේදී   පැවසූ බව වාර්තා වේ.

තරුෂි කරුණාරත්න සිසුවියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටියක මුදලක් ලබාදීම අගය කරන බවත් හොඳ දේ හොඳයි කියා පැවසීමට පසුබට නොවන බවත් විපක්ෂනායකවරයා පවසා තිබේ.

විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් සිදු කරමිනි.

Exit mobile version