බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඒ සැකකාර සමාගම් හිමිකරු අද (15) කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Exit mobile version