ඩයනා – සුජිත් – රෝහණ සම්බන්ධ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කළ බව වාර්තා වේ .

පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාවේ නිර්දේශ මත මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට අදාළ තහනම පැනවුණි.

නමුත් එම නිර්දේශ සහ අද (02) සභාගත කළ වාර්තාව අතර යම් යම් නොඑකඟතා ඇති බවට විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ .

Exit mobile version