හම්බන්තොට ජනතාව අසරණ වෙයි.,

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර පැවසුවේ පවුල් 253 ක පුද්ගලයන් 891 ක් හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවයි.

ආපදාවට පත්ව ඇති පුද්ගලයින් සඳහා කඩිනම් සහන සැපයීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

ආපදා තත්ත්වය සමග තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්ලගල, මැදවැලෑන, සේනපුර, රබර්වත්ත, ගැමුණුපුර සහ යෝධ කණ්ඩිය ග්‍රාම සේවා වසම්වල ජනතාව පීඩාවට පත්ව සිටී.

එසේම සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහගජදුර සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට සහ බෝලාන දකුණ ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටී.

මේ අතර හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෑලියපුර, හම්බන්තොට බටහිර,
හම්බන්තොට නැගෙනහිර, යහංගල නැගෙනහිර, තැම්මැන්නාව, සාමෝදාගම සහ ගොන්නොරුව යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී.

මේ අතර සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවක් කැඩීයෑම හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගල්වැව ග්‍රාම නිලධාරි වසමෙහි නිවාස කිහිපයක් යටවී ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.

Exit mobile version