ආසියානු රටවල් රැසක් පරාජය කර මව්බිම රිදියෙන් සැරසූ ශූරයා.

මැලේසියාවේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී 120kg බර පන්තිය නියෝජනය කළ දරීන් වීරසිංහ ආසියානු රටවල් රැසක් පරාජය කොට ශ්‍ර්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ඇති බව වාර්තා වේ.

තරගකරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වූ ආසියානු සවි එසවීමේ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 120Kg බර පන්තියෙන් බෙන්ච් ප්‍රෙස් ස්කොට් සහ ඩෙඩ් ලිෆ්ට් ඉසව් වලින් රිදී පදක්කම දිනා ගැනීමට මොහු සමත්වී තිබේ.

එමෙන්ම මොහු 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ රන් පදක්කම සහ 2023 ආසියානු කලාපීය Bench Press ඉසව්වේද රන් පදක්කම දිනා ඇති බව සදහන්.

Exit mobile version