යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය තවදුරටත් පුරප්පාඩුව පවතින බවට යුද හමුදා මුලස්ථාන ආරංචි මාර්ග පවසා ඇති බව වාර්තා වේ.
යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය දැරූ මේජර් ජනරාල් සංජය වනසිංහ මහතා විශ්රාම යෑමෙන් පසු දැනට මාස එකහමාරක කාලයක් මෙම ධුරය පුරප්පාඩුව පවතින බව වාර්තා වේ.
යුද හමුදා පරිපාලන කටයුතුවල ඉහළම තනතුර වන යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය සඳහා නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් ද මතුව ඇති බව සඳහන්.
කෙසේවෙතත් මේ වන විට නිලධාරියෙකුගේ නාමයක් යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරයට පත්කිරීම සඳහා නිර්දේශ කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකළ යුතු අතර මේ දක්වාත් එම පත්කිරීම සිදුකර නොමැති බව සඳහන්ය.