ගම්පොල මොරගොල්ල මාර්ගය තුළ වසර පහළොවකට අධික කාලයක් පුරා නිදැල්ලේ ගැවසෙමින් සිටින එළ හරක් රංචුවේ තවත් ගැබිණි එළ වැස්සියක මරා පැටියාද එළියට ඇද දමා එම සතාගේ කොටසක්ද රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම රංචුවේ සතුන් පහළොවකට අධික ප්රමාණයක් සිටි අතර මෙයාකාරයට වරින්වර මස් සඳහා සතුන් මරා දැමීම හා හොර රහසේ රැගෙන යාම නිසා දැනට එම රංචුවේ සිටින්නේ සතුන් පස්දෙනෙකි.
මේ පිළිබඳව ප්රදේශවාසීන් පොලිසිය වෙත කිහිප වරක් දැන්වුවද මෙයට විසඳුමක් ලැබී නොමැති බවද ඔවුහු පවසති.
දින කිහිපයකට පෙර මෙම රංචුවේ සිටි පැටියෙකු ද සොරාගෙන ගොස් ඇති බවට ප්රදේශවාසීන් සඳහන් කරති.