ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමානය වන විට නාමමාත්රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත් දැන් එය විධායකයේ බලයට යටවී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන විධායකය ස්වාධීන ආයතන ආක්‍රමණය කරන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින බව කී මහාචාර්යවරයා පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට කර තිබෙන උත්සහය නීති විරෝධී බවත් වර්තමාන කැබිනට් මණ්ඩලය නාමමාත්රික වෙමින් පවතින බවත්ය.
කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂ මහතාට අසීමිත බලයක් ලබා දී, සියලු ආයතන නාමමාත්රික ආයතන කිරීමට හැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කලේය. එයට අත් උස්සා, කැමත්ත දුන් ජී එල් ලා, දැන් බයිලා ගසන්නේ මුල අමතක නිසාය.