තේ පොහොර මිටියක මිල අඩු වෙලා.

තේ පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇති බව වාර්තා වේ.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ පොහොර මිටිය රුපියල් 8,500 කට දෙන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version