වෙළෙදපොළ තුළ මේ වන විට ලොකු ලූණු මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලොකු ලූණු තොග මිල රුපියල් 600ක් ලෙස ද, සිල්ලර මිල රුපියල් 700ක් ලෙස ද ඉහළ ගොස් තිබේ.
ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ පකිස්ථානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන් ලූණු අපනයනය ඇනහිටීම හේතුවෙන් මෙලෙස ලොකු ලූණු මිල ඉහළ ගොස් ඇති බවයි.