මී කිරි හට්ටියක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ මී කිරි නිශ්පාදනයේදී අතරමැදියන් වැඩි ලාභයක් ලබා ගැනීම හේතුවෙන් මෙලෙස මී කිරි මිල ඉහළ ගොස් ඇති බවයි.
මී කිරි නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශ වල තොග වෙළදාමේදී මී කිරි හට්ටියක් අලෙවි වන්නේ රුපියල් 200ක් 240 ත් අතර මිලකට වන අතර මී කිරි නිෂ්පාදකයින් පවසන්නේ වෙළඳුන් ඉතා අඩු මිලකට සිය නිෂ්පාදන මිලදී ගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වලදී ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවයි.