මාස හයකට අධික කාලයකට පසුව ලෝක වෙළෙඳපොළේ රන් මිල ඇමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 2015.09 ක් ලෙස පැවැති බවත් , එම මිල පසුගිය මාස 6 ක කාලයක් තුළ ඩොලර් 60 ක සහ වසරක් තුළ ඩොලර් 261 ක් නැතහොත් 15% ක ඉහළ යෑමක් බව පෙන්වා දී තිබේ .
වාර්තා වන ආකාරයට මීට ආසන්නතම හේතුව බවට පත්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ ඇමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් , ඇමෙරිකානු ඩොලරය සෙසු විනිමයවලට සාපේක්ෂව සියයට 0.1 කින් පහත වැටීමත්ය.