භාණ්ඩ කිහිපයක මිල පහළට .

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසල් මඟින් පාරිභෝගිකයන්ට ලබාගත හැකි අතර මෙම මිල පහත දැමීම අද (20) සිට ක්‍රියාත්මක වන බව සඳහන් .

සෝයා මීට් කිලෝවක් රුපියල් 45 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 580 කි.

හාල්මැස්සො කිලෝවක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 1100 කි.

ලොකු ළූණු කිලෝවක් රුපියල් 15 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195 කි .

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 290 කි.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 6 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299 කි.

සුදුළුණු කිලෝවක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 620 කි.

Exit mobile version