ආහාර වර්ග කිහිපයක මිල ඉහළට .

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඒ බව ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි.

මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් කෑම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවටද ඔහු පවසයි.

Exit mobile version