තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක.

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව තවිසින් මහතා පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි.

76 වැනි ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඔහු මෙරටට පැමිණෙයි.

ඔහු එම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව ටද සහභාගී වීමට නියමිත බව සදහන්.

Exit mobile version