පාර්ලිමේන්තුවේදී මුළු දවසේම ප්රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ බව වාර්තා වේ .
අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ ස්ථාවර නියෝගවල සඳහන් අග්රාමාත්යවරයාගෙන් ප්රශ්න ඇසීමේ අවස්ථාව ක්රියාත්මක නොවීම පිළිබඳව මාතර දිස්ත්රික් මන්ත්රී බුද්ධික පතිරණ මහතා විමසූ අවස්ථාවේදී බව සඳහන්.
එහිදී අග්රාමාත්යවරයා ප්රකාශ කරන ලද්දේ එම අවස්ථාව ලබාදිය යුත්තේ කතානායකවරයාගේ ප්රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව විසින් බවත් , එම ස්ථාවර නියෝගය ක්රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවත් ය.