සිසුවාට පහරදුන් විදුහල්පති අත්අඩංගුවට .

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව සදහන්.

පාසල නිම වී නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී පහර කෑමට ලක් වූ දරුවා විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට ප්‍රකාශ කර තිබේ.

දෙමාපියන් විසින් සිසුවා අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මේ අතර පහර දීම කල සැකකාර විදුහල්පතිවරයාව ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Exit mobile version