කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොණරාගල ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්රී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට සැකකාර විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොණරාගල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.