ලිංගික අතවර කළ විදුහල්පති සිරගෙට.

මීට වසර හතකට පමණ පෙර එනම් 2016 වසරේ අගෝස්තු මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක  පාසැල් දැරියකට  ලිංගික අතවරයක් සිදු කල ගුරුවරයකු හට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා  නියෝග කොට ඇති බව වාර්තාවේ.

තවද පැමිණිළිකාර වින්දිත පාර්ශවයේ  බාල වයස්කාර පාසල් සිසුවියට මුදලින් රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වරයා විත්තිකාර ගුරුවරයා හට නියෝග කොට ඇත.

මෙම ගුරුවරයා විද්‍යා විෂයය උගන්වමින් සිටින අතරතුර 12 හැවිරිදි  පාසල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිට තිබේ.

සැකකරු විසින් වයස අවුරුදු 12 ක පමණ දැරියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් ලිංගිත අතවරයක් සිදු කර ඇති බවට  අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින්  ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකාර ගුරුවරයා හට  එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

ඔහු නමින් ගාමිණි සෝමරත්න වන අතර මෙම දඩුවමට නියමවනවිටත් ඔහු පාසලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කොට ඇති බව වාර්තාවේ.

Exit mobile version