දීර්ඝතම කාලයක් සිරගත ව සිට නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට අමෙරිකාවේ Glynn Simmons පත් වී තිබේ.
ඔහු වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි බව වාර්තා වේ.
1974 වර්ෂයේ දී ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු සිරගත වී ඇති අතර, ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් ඔහු ව නිදොස් කොට නිදහස් කර ඇත.
මේ වන විට Glynn Simmons 70 හැවිරිදි වියේ පසු වේ.
ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්රදේශයක මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමක දී කැරොලින් සූ රොජර්ස් නමැති පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් Glynn Simmonsට චෝදනා එල්ල වී තිබිණි.
1975 දී සිරගත වන විට ඔහුගේ වයස අවුරුදු 22කි.