රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ඇති බව වාර්තා වේ.
උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබූ බව සදහන්.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවට රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පවසා තිබේ.