ගොවීන්ට ගෙවන වන්දි මුදල් ගැන යෝජනාව ලබන සතියේ කැබිනට් අනුමැතියට .

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම සහ අර්ධ වශයෙන් හානි වී ඇති ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බවත් , ඊට අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව වාචිකව ඊයේ (14) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ බවයි.

Exit mobile version