ගොවීන්ට වව්චරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට.

මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් හට වව්චරයක් දීමේ යෝජනාවට පසුගියදා මුදල් කමිටුවේ අනුමැතිය හිමිව තිබුණි.එමෙන්ම ජනාධිපතිවරයාගේ ද අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්. ඒ අනුව මෙම යෝජනාව අද (08) කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එක් කන්නයකදී හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000 බැඟින් පොහොර වව්චර් ක්‍රමය ක්‍රියාත්මක බවත් , එම මුදල් යොදා ගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version