2023 වසරේ මාසයක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති බවට ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එය ඩොලර් මිලියන 1,119කි.
නමුත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් බවද ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
මේ අතර 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 8,010ක් ලෙස සඳහන් වි තිබේ.
එය 2022 වසරේ එම කාලයට සාපේක්ෂව 10.1%ක අඩුවීමකි.
අපනයන ආදායම අඩුවීමට ප්රධාන වශයෙන් හේතුවී ඇත්තේ විදෙස් වෙළෙඳපොළෙහි විශේෂයෙන් නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම අඩුවීම බවට ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළ බව වාර්තා වේ.