පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට 2021 වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම පසුගිය දා සිදු කෙරුණි.
ඒ අනුව ශාස්ත්‍රවේදී සාමාන්‍ය හා ගෞරව උපාධි පාඨමාලාව සදහා විද්‍යාර්ථින් 937 ක්, නීති උපාධි පාඨමාලාව සදහා 69 ක්, භූගෝලීය තොරතුරු විද්‍යාව පිළිබද ගෞරව උපාධි පාඨමාලාව සදහා 75 ක් සහ සමාජවෘතවේදය ගෞරව උපාධි පාඨමාලාව සදහා විද්‍යාර්ථින් 49 ක් වශයෙන් මෙවර ශාස්ත්‍ර පීඨයේ 2021 අධ්‍යන වර්ෂය සදහා බදවා ගැනෙන මුළු සිසුන් සංඛ්‍යාව 1130 වේ.
මෙම ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමේ උත්සවය 2023.06.23 දින විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එදින නවක සිසුන් සදහා මුලික දැනුවත් කිරීමේ සැසි ආරම්භ වේ.
එසේම ඊට සමගාමීව ඉංග්‍රීසි භාෂා පුහුණු සැසි ඉදිරි සති කිහිපය තුල පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.