පියාගේ නොසැලකිලිමත් ධාවනය පුතුට මරු කැදවයි.

රිදීමාලියද්ද ප්‍රදේශයේ දී ඊයේ (23) දහවල් දිරියගම සිට දෙමෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයක ඩී 01 ඇල ප්‍රදේශයේදී කිනිහිරිවැල්ල දෙස සිට දෙමෝදර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ඔහුගේ බිරිද හා කුඩා දරුවා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් ඇති බව සදහන්.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක් වූ කිනිහිරිවැල්ල ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

යතුරුපැදියකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version