අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බවයි.
ඊට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව සිටි බව සඳහන්.
එහිදී අස්වැසුම සුබසාධක වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බවට සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසා තිබේ.